-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..


ඔන්න හුගාක් දවසකට පස්සේ තමයි මම බ්ලොග් එක පැත්තෙ ආවේ..ගිය දවස් ටිකේ වැඩ ඉවරයක් නෑ.එපා වෙනවා එක වෙලාවකට.
ඔයාලට කියන්න තියෙනවා ආරංචියක්..
අපේ ටෙක් එකේ(ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභය්‍යාස ආයතනය-මොරටුව) 50 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ මාසේ 15,16,17 කියන දවස් වල කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.මේක කාර්මික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන අයට ලැබෙන හොද අවස්ථාවක් තමන්ගේ කාර්මික දැනුම වැඩි කරගන්න.උදේ 10 ඉදලා හවස 6 වෙනකන් මේ ප්‍රදර්ශනේ තියෙනවා.දවස් තුනේම හවස 6 න් පස්සේ රෑ 10 වෙනකන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා.මං ආරාධනා කරනවා පුලුවන් හැමෝම මේක බලන්න එන්න කියලා..වැඩි විස්තර මෙතනින්>>

Share/Save/Bookmark


ආයෙමත් දවසක හමුවෙමුද අපි
හමුවෙලා සිනාසෙමුද අපි නොවැළපි
කිසිදිනක එක් නොවුවත් අප
හමු නොවන විට පිරේ කදුළැලි නෙතගේ...........

හිමි නොවු පෙම්වතිය වු ඔබ
සදක් වාගෙයි දුරයි පොලවට
නමුදු සද දිය නොවේ මට තහනම්
අහස කියුවත් සදට තම හිමිකම්.........

දිනක් තුරුලෙහි සොදුරි වු ඔබ
සදක්මය ක්ෂිතිජයෙන් සැගවුන
එවිට අහසට නොවේ ඔබ හිමිකම්
පලදවන්නේ මමයි පෙම් මල් දම්.........


Share/Save/Bookmark

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......