-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..



හදවතේ රිද්මය හා
මුසු වු නුඹේ ආදරය...
නිමා නොවේ වී
මගේ හද ගැහෙන තුරාවට....
එනමුදු එක් වන්නට
පින් මද වුවත් මේ බවයේ
මං පින් කරන්නම්
ඔබම පතාගෙන
මතු
සසරේ.....

Share/Save/Bookmark


මල් හීන මවා මගේ නෙත් ලග
හෙමි හෙමින් මගේ ලොව වෙත
වැඩිය එ දවස නුඹ
තවම අමතක නෑ....
මගේ පෙම් සිත ලග
සද හිරු තරු දිවුරා ඔබ
මට මාවත් නැති කලාට
දැන් තරහක් නෑ මම.....

Share/Save/Bookmark


අදත් ඔබ ලග
නැති වෙලාවක
තනිව තනිකම
දැනෙන මොහොතක.....
ඔබෙන් නොලැබුනු
පෙමක අනුහස
ගැන සිතා මම
තැවෙමි දැවෙමින.....

Share/Save/Bookmark


ලං කරන්
මං පෙමින්
මගේ උරයට මතින්....
ඔහුට නෙතු
ඉගි මැරූ
නුඹේ ප්‍රේමය
දුටිමි...........

Share/Save/Bookmark


සිත සන්සුන්ය..පරම පිවිතුරුය
ඒ සිතේ හිස්තැන් නොවේ..
යලි කියමි..
පහදා කියමි..
වීතරාගී සිත නිරමිස වුවා සේ
බෙහෙවින්ම සන්සුන්ය....
නමුදු හදවත
සිත සන්සුන් වුවා සේ නොවේ........
ලයෙහි ඇවිලෙන ගින්දර
මුලුමහත් විශ්වයම
දවන තරම්ය......
ඔබ මා ලගක
හිදියේ නම්
මා හදෙහි රිද්මය
ඔබට ඇසෙනු ඇත..
මා හද එතරම් සසලය......

Share/Save/Bookmark


අතිතයයි දේදුන්නයි
එක වගේම ලස්සනයි...
සිහිනෙන් ගෑ සුවදක් සේ
ඒ මතකය නෙත් තෙමයි...
හිනා වෙවි ලංවු අපි
ඉකිබිදිමින් වෙන් වුනයි...
ඔබ මාගෙන් වෙන්වුන දා
ජීවිතේම පැරදුනයි...........

Share/Save/Bookmark


සුසුම් සුවදක් නිදා..
නොනිදා වගේ අදත්
ඔබ ගැනම වද දිදි..
හද ගැබේ රැදෙනවා.......

සොදුරියේ මගේ ජීවිතෙත්
මරණයත් අතර සදා
සුසුම් පොදක් වෙලා
ඔබ ඉන්නවා........

Share/Save/Bookmark


මා බලා හිදීමෙන්
හිතට සැනසීමක් ලැබෙයිද?
මගේ තුන් සිතම සොරාගෙන
නින්ද අහිමි කල ඔබ.....

දෙනෙත් අගට කදුලක් පළදන
සිතට සුසුමක් කැදවන
තවත් සිතක හිමිකම වෙනුවෙන්
දුක් සෝ සුසුම් හෙලමින්
තැවි තැවි දැවි දැවි
නොඉවසිල්ලෙන්
බලාසිටීමෙන්
ඵලක් වේද මාගේ ජීවිතයට......

Share/Save/Bookmark


ඔන්න හුගාක් දවසකට පස්සේ තමයි මම බ්ලොග් එක පැත්තෙ ආවේ..ගිය දවස් ටිකේ වැඩ ඉවරයක් නෑ.එපා වෙනවා එක වෙලාවකට.
ඔයාලට කියන්න තියෙනවා ආරංචියක්..
අපේ ටෙක් එකේ(ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභය්‍යාස ආයතනය-මොරටුව) 50 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ මාසේ 15,16,17 කියන දවස් වල කාර්මික ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.මේක කාර්මික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන අයට ලැබෙන හොද අවස්ථාවක් තමන්ගේ කාර්මික දැනුම වැඩි කරගන්න.උදේ 10 ඉදලා හවස 6 වෙනකන් මේ ප්‍රදර්ශනේ තියෙනවා.දවස් තුනේම හවස 6 න් පස්සේ රෑ 10 වෙනකන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා.මං ආරාධනා කරනවා පුලුවන් හැමෝම මේක බලන්න එන්න කියලා..වැඩි විස්තර මෙතනින්>>

Share/Save/Bookmark


ආයෙමත් දවසක හමුවෙමුද අපි
හමුවෙලා සිනාසෙමුද අපි නොවැළපි
කිසිදිනක එක් නොවුවත් අප
හමු නොවන විට පිරේ කදුළැලි නෙතගේ...........

හිමි නොවු පෙම්වතිය වු ඔබ
සදක් වාගෙයි දුරයි පොලවට
නමුදු සද දිය නොවේ මට තහනම්
අහස කියුවත් සදට තම හිමිකම්.........

දිනක් තුරුලෙහි සොදුරි වු ඔබ
සදක්මය ක්ෂිතිජයෙන් සැගවුන
එවිට අහසට නොවේ ඔබ හිමිකම්
පලදවන්නේ මමයි පෙම් මල් දම්.........


Share/Save/Bookmark

සති අන්තේ ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ බ්ලොග් එකක් වත් ලියන්න ඕනි කියල හිතුනා..මේක ගැන මට මුලින්ම අදහස දුන්නේ ..::EKiCkS::.. කරන ගෙහාන් සහෝදරයා.එයාට මේ ගැන මුලින්ම ස්තුති කරන්න ඕනි...මේකට එන අය"සිත් ඉම" වෙන්න ඕනෙ වෙනස්කම්, මේකට එකතුවෙන්න ඕනෙ දේවල්, යෝජනා, චෝදනා ඉදිරිපත් කලානම් ඉතින් මට මගෙ බ්ලොග් කෙරුවාව දිගටම කරන් යන්න පුළුවන්.
Share/Save/Bookmark

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......