-::::සිත් ඉම::::-

පැණියාගේ බ්ලොග් කෙරුවාව..



හදවතේ රිද්මය හා
මුසු වු නුඹේ ආදරය...
නිමා නොවේ වී
මගේ හද ගැහෙන තුරාවට....
එනමුදු එක් වන්නට
පින් මද වුවත් මේ බවයේ
මං පින් කරන්නම්
ඔබම පතාගෙන
මතු
සසරේ.....

Share/Save/Bookmark


මල් හීන මවා මගේ නෙත් ලග
හෙමි හෙමින් මගේ ලොව වෙත
වැඩිය එ දවස නුඹ
තවම අමතක නෑ....
මගේ පෙම් සිත ලග
සද හිරු තරු දිවුරා ඔබ
මට මාවත් නැති කලාට
දැන් තරහක් නෑ මම.....

Share/Save/Bookmark


අදත් ඔබ ලග
නැති වෙලාවක
තනිව තනිකම
දැනෙන මොහොතක.....
ඔබෙන් නොලැබුනු
පෙමක අනුහස
ගැන සිතා මම
තැවෙමි දැවෙමින.....

Share/Save/Bookmark


ලං කරන්
මං පෙමින්
මගේ උරයට මතින්....
ඔහුට නෙතු
ඉගි මැරූ
නුඹේ ප්‍රේමය
දුටිමි...........

Share/Save/Bookmark


සිත සන්සුන්ය..පරම පිවිතුරුය
ඒ සිතේ හිස්තැන් නොවේ..
යලි කියමි..
පහදා කියමි..
වීතරාගී සිත නිරමිස වුවා සේ
බෙහෙවින්ම සන්සුන්ය....
නමුදු හදවත
සිත සන්සුන් වුවා සේ නොවේ........
ලයෙහි ඇවිලෙන ගින්දර
මුලුමහත් විශ්වයම
දවන තරම්ය......
ඔබ මා ලගක
හිදියේ නම්
මා හදෙහි රිද්මය
ඔබට ඇසෙනු ඇත..
මා හද එතරම් සසලය......

Share/Save/Bookmark


අතිතයයි දේදුන්නයි
එක වගේම ලස්සනයි...
සිහිනෙන් ගෑ සුවදක් සේ
ඒ මතකය නෙත් තෙමයි...
හිනා වෙවි ලංවු අපි
ඉකිබිදිමින් වෙන් වුනයි...
ඔබ මාගෙන් වෙන්වුන දා
ජීවිතේම පැරදුනයි...........

Share/Save/Bookmark


සුසුම් සුවදක් නිදා..
නොනිදා වගේ අදත්
ඔබ ගැනම වද දිදි..
හද ගැබේ රැදෙනවා.......

සොදුරියේ මගේ ජීවිතෙත්
මරණයත් අතර සදා
සුසුම් පොදක් වෙලා
ඔබ ඉන්නවා........

Share/Save/Bookmark

Skype Me™!
සිංහල බ්ලොග් කියවනය

මුහුණු පොතේ මම

..:හිම වරුසා:..

මගේ ගැන..

My photo
මම දැනට ශ්‍රි ලංකා ජර්මන් කාර්මික අභ්‍යයාස ආයතනයේ කාර්මික පුහුණුව කාර්මික ලබන අතර ජීවිතේ හැම සතුටක්ම,දුකක්ම මැදිහත් සිතින් විදදරා ගන්න කොල්ලෙක්.......

සහෘදයෝ.......